ප්‍රධාන ගංගා 3ක් ගංවතුර අවදානම් මට්ටමේ...

කැලණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර අවදානම් මට්ටමේ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 21-09-2026 | 7:32 AM

COLOMBO (News 1st) - නිල්වලා ගඟ පානඳුගමින් සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කැලණි, කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.

කැලණි ගඟ අවදානම් මට්ටමේ පවතින්නේ, හංවැල්ල සහ ග්ලෙන්කෝස් ප්‍රදේශවලිනි.

රත්නපුර, මඟුර සහ මිල්ලකන්ඳ ප්‍රදේශවලින් කළු ගඟ, ගංවතුර අවදානම් මට්ටමට ළඟා වී තිබේ.

ගිං ගඟ අවදානම් මට්ටමට පැමිණ ඇත්තේ, බද්දේගම සහ තවලම ප්‍රදේශ වලිනි.

අත්තනගලු ඔය ද, දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් .එස් සූරියබණ්ඩාර සඳහන් කළේ, ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.