දිවා ටෙස්ට් තරගවලට රෝස පන්දුව භාවිතයට අනුමැතිය

දිවා කාලයේ ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රෝස පැහැති පන්දුව භාවිත කිරීමට ICC අනුමැතිය

by Staff writer 02-10-2026 | 12:34 PM

COLOMBO(News1st) - දිවා කාලයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රෝස පැහැති පන්දුව භාවිත කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ(ICC) අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තම ක්‍රීඩා කොන්දේසිවලට වෙනස්කම් මාලාවක් හඳුන්වා දී ඇති අතර, ඒවා සියලුම ජාත්‍යන්තර තරගාවලි සඳහා බලාත්මකයි.

දිවා කාලයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රෝස පැහැති පන්දුවක් භාවිත කිරීමට අනුමැතිය හිමිව තිබෙන්නේ, අඩු ආලෝක තත්ත්වයන් හේතුවෙන් ක්‍රීඩාවට බාධා ඇතිවීම අවම කිරීම සඳහායි.

කෙසේ නමුත්, රෝස පැහැති පන්දුවක් භාවිතා කිරීම පිළිබඳව ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර එකඟතාවකට පැමිණිය යුතු බවත්, එසේ එකඟ වූ පසු තරගය පුරාවටම එම තීරණය ක්‍රියාත්මක විය යුතු බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ.