.webp)
 (11)-625381.jpg)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 36 දෙනෙකු එම ප්‍රහාරවලින් තුවාල ලබා ඇති බවයි..
ඊයේ (07) සෞදි අරාබියේ ඒඩ්න් ගුවන් තොටුපොළේ ගුවන් පථයකටද මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම අවස්ථාවේ අදාළ ගුවන් පථයේ ඊජිප්තුවේ සිට පැමිණි ගුවන් යානයක් ගොඩ බෑමට නියමිතව තිබූ බවද, විදෙස් වාර්තාවල සඳහන්.
මෙම ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, හූති කැරලිකරුවන්ගේ මිලිටරි ඉලක්ක 80කට පහරදුන් බව සෞදි අරාබියේ සහය ලබන යේමන රජය නිවේදනයේ කළේ ය.
හූති කැරලිකරුවන් බලය අල්ලාගෙන සිටින ප්‍රදේශ යළි සියතට ගන්නා බවට ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය ප්‍රකාශ කර ඇති පසුබිමක දෙපාර්ශවය අතර ගැටුම් තීව්‍ර වී තිබේ.
ගැටුම් හමුවේ සති කිහිපයක් තුළ යේමන වැසියන් ලක්ෂ දෙකක් පමණ අවතැන් වී ඇතැයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සඳහන් කළේ ය.
