කයිරෝ නුවර අධිවේගී මාර්ගයක ගින්නකින් 31ක් මරුට...

ඉන්ධන බවුසරයක් පෙරලීමෙන් කයිරෝ නුවර අධිවේගී මාර්ගයක බිහිසුණු ගින්නක්...

by Staff writer 26-11-2026 | 7:55 AM

COLOMBO (News 1st) - ඊජිප්තුවේ කයිරෝ නුවර අධිවේගී මාර්ගයක ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වීමෙන් ඇති වූ  ගින්නකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගින්න හේතුවෙන් තවත් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

අදාළ ඉන්ධන බවුසර් රථය වේගය පාලනය කර ගැනිමට නොහැකිවී අධිබලැති විදුලි රැහැනක ගැටි පෙරලීමෙන් එම අනතුර සිදු වී ඇතැයි සඳහන්.

ඉන් අනතුරුව එම ඉන්ධන බවුසරයේ පැවති ඉන්ධන අසළ තිබූ වාහන මතට විසිරී දැවැන්ත ගින්නක් හටගෙන ඇත.

දුර්වල මාර්ග නඩත්තු කිරිම් සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් ඊජිප්තුවේ මාර්ග අනතුරු බහුලව සිදුවන අතර, පසුගිය වසරේදී පමණක් එරට මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 6,000කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.