.webp)

ඒ හේතුවෙන් පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ තවත් වැඩි විය හැකි බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
ඒ, තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්යම සහ දකුණු පළාත්වලටත්, අනුරාධපුර දිස්ත්රික්කයටත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය, අද (26) සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බව, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
මේ අතර ඊයේ (25) උදෑසන 8.30 සිට අද (26) අලුයම 3 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය, කිලිනොච්චිය දිස්ත්රික්කයේ පුනරීන් ප්රදේශයෙන් වාර්තා වේ.
එම අගය, මිලිමීටර 163 කි.
මන්නාරම දිස්ත්රික්කයේ ඉලුප්පෙයිකඩවයි ප්රදේශයෙන් මිලිමීටර 148ක වර්ෂාපතනයක් වාර්තා වේ.
යාපනය දිස්ත්රික්කයේ තෝල්පුරම් සහ මීසායි ප්රදේශ වලින් ද, මිලිමීටර 100 ඉක්මවූ තද වැසි වාර්තා වේ.
පවතින අධික වර්ෂාවත් සමග කළු ගඟ, මිල්ලකන්ඳ සහ මඟුර ප්රදේශවලින් ගංවතුර අවදානම් මට්ටමට ළඟා වී ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
වර්ෂාධික කාලගුණයත් සමග දිස්ත්රික්ක පහකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්ක, ඒ අතරට ඇතුළත්.
