ABU 63 වැනි මහා සමුළුව අදයි..

ABU 63 වැනි මහා සමුළුව අදයි..

by Staff writer 01-11-2026 | 7:08 AM

COLOMBO(News1st) - ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමය හෙවත් ABU හී 63 වැනි මහා සමුලුව අද පැවැත්වෙයි.

ඒ , ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ Cinnamon Life, City of Dreams හිදීයි.

සමුළුව පැවැත්වෙන්නේ සංචාරක අමාත්‍යාංශය , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සිරස මාධ්‍ය ජාලය එක්වයි.

ඒ , මයිස් ටුවරිසම් හෙවත් රැස්වීම්, දිරිගැන්වීමේ සංචාර, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන යන සංකල්පය ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ය.

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයට අයත් රටවල් 66 ක සාමාජිකයින් සමුළුවට එක්ව සිටින අතර  විද්‍යුත් මාධ්‍ය ආයතන 225 ක් නියෝජනය කරන පිරිස ඊට ඇතුළත් ය.