සෑම පොලිස් ස්ථානයකම CCTV සවි කිරීමට සැලසුම්

දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම CCTV කැමරා සවි කිරීමට සැලසුම්..- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 01-11-2026 | 7:10 AM

COLOMBO(News1st) - දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම CCTV කැමරා සවි කිරීමට සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් පැවසුවේ ඒ සඳහා වන ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදු කර ඇති බවයි.

එම CCTV දර්ශන උපයෝගි කර ගනිමින් පොලිස් ස්ථාන නිරික්ෂණය කිරිමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.