ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි...

දිවයිනේ ප්‍රදේශ රැසකට අද(07) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකියි, - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 07-11-2026 | 6:31 AM

COLOMBO(News1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද(07) මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ, ප්‍රදේශ රැසකට පස්වරු 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දිස්ත්‍රික්ක 22කට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුරය , අම්පාර , කළුතර , කෑගල්ල , කිලිනොච්චි,  කුරුණෑගල , කොළඹ , ගම්පහ , ගාල්ල , නුවරඑළිය , පුත්තලම , පොළොන්නරුව දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් වන අතර බදුල්ල , මඩකලපුව , මන්නාරම , මහනුවර , මාතර , මුලතිව් , මොණරාගල , රත්නපුර , වව්නියා සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකට ද ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම් බලාත්මකයි.