සිරි තිලකසිරි සූරීන්ගේ අවසන් කටයුතු අද

ප්‍රවීණ ලේඛක, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි සූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

by Staff writer 07-11-2026 | 7:01 AM

COLOMBO(News1st) - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති සිරි තිලකසිරි සූරීන් අභවප්‍රාප්ත වී තිබේ.

සිරි තිලකසිරි සූරීන් සිංහල සංදේශ කාව්‍ය සහ සම්භාව්‍ය සාහිත්‍යය ඇතුළු ග්‍රන්ථ රැසක් රචනා කර හා සංස්කරණය කල අග්‍රගන්‍ය විද්වතෙකි.

ගුත්තිල කාව්‍යය, මයුර සංදේශය, පැරකුම්බා සිරිත, ගඟරු පුද කව්, ගිරා සංදේශය, පරවි සංදේශය, හංස සදේශය ආදි සම්භාව්‍ය ග්‍රන්ථ සංස්කරණය කරමින් ඔහු සිංහල පද්‍ය සාහිත්‍යයට විශාල මෙහෙවරක් ඉටු කළේය.  

සිරි තිලකසිරි සූරීන්ගේ දේහය මේ වනවිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද(07) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.