.webp)

ගිං ගඟ, බද්දේගමින් සුළු ගංවතුර මට්ටමට ළඟා වී තිබේ.
කළු ගඟ ගංවතුර අවදානම් මට්ටමේ පවතින්නේ, මිල්ලකන්දෙන්.
මේ අතර ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රෙද්ශය ආශ්‍රිතව මේ වනවිට අඩු පීඩන කලාපයක් වර්ධනයවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කරන්නේ එය, අනිද්දා වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී විය හැකි බවයි.
16 වැනිදා වනවිට මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති.
මේ හේතුවෙන් ඇතැම් මුහුදු ප්‍රෙද්ශවල සුළං වේගය පැයට කිලෝමීටර 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි බැවින් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
මේ අතර උතුරු මැද උතුර හා නැගෙහිරට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ දැක්වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.
