.webp)
-628109.jpg)
ඒ , ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටවුක් දක්වා වර්ධනය විය හැකි බැවින්.
එය මේ වනවිට පවතින්නේ දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතවයි.
එය හෙට(16) වනවිට ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි
කෙසේ වෙතත්, ගොඩබිම් ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද සිට අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට හෙට අළුයම් කාලයේදි මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි.
