ඥාරසාර හිමිට අද ලැබුණු තීන්දුව

ඥාරසාර හිමිට අද ලැබුණු තීන්දුව

by Staff writer 18-11-2026 | 6:45 PM

COLOMBO(News1st) - ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම ඇතුළු චෝදනා දෙකකට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවම අභියාචනාධිකරණය අද තහවුරු කළේය.

විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ, අදාළ දඬුවමින් තමන්වහන්සේ නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ඉදිරිපත් කර තිබුණු අභියාචනයක් ඉවත දමමින්.

2016 වසරේ කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මඟින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදු කිරීම ඇතුළු චෝදනා දෙකකට ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය  2024 මාර්තු 28 වැනිදා බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කළේය.

එමෙන්ම රුපිලයල් ලක්ෂයක දඩයක් ද පැනවූවේය.

අදාළ දඩුවම් නියෝගයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් මෙම අභියාචන පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කරුණු සලකා බලා අවසානයේ අභියාචන පෙත්සම  ඉවත දමමින් විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය අද ප්‍රකාශයට පත් කළේය.