නාමල් රාජපක්ෂගේ ඇප නියෝගයට අතුරු තහනමක්...

ාමල් රාජපක්ෂගේ ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්, අතුරු තහනමක්.

by Staff writer 18-11-2026 | 9:01 PM

COLOMBO(News1st) - ක්‍රිෂ් ගණුදෙනුවට අදාළව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් ඇප නියෝග ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයෙන් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

සැකකාර නාමල් රාජපක්ෂට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය නොවැම්බර් 3 වැනිදා ලබා දුන් ඇප නියෝගය දෝෂ සහගත බව පවසමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබූණි.

ඒ අනුව අදාළ ඇප නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගය නිකුත් කළ විනිසුරුවරයා පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කළේය.

වගඋත්තරකාර  පාර්ශවයේ විරෝධතා දෙසැම්බර් 8 වැනිදා ද පෙත්සම්කාර පාර්ශවයේ  විරෝධතා ජනවාරි 18 කැඳවිමට ද විනිසුරුවරයා නියම කළේය.

පෙත්සමේ විභාගය පෙබරවාරි 5 වැනිදා කැඳවීමට නියමිතයි.