.webp)

COLOMBO (News 1st) –
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අණාවැකියේ සඳහන් ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තකමේන්තුවට ජනතාවට දැනුම් දෙයි.
මේ අතර, පවතින වැසි සමග මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරිණ.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර
කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල ,ගලිගමුව ,යටියන්තොට, මාවනැල්ල සහ කෑගල්ල රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා අනතුරු ඇගවීම් නිකුත් කෙරිණ.
අදියර 1 යටතේ ,නායයෑම් පිලිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.
මේ අතර වර්ෂාවත් සමග දැදුරු ඔය ඇතුළු ජලාශ 17 ක් තවදුරටත් වාන්දමමින් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
