ලක්ෂ 7 ක් සංචාරකයින් මෙම වසරේ දී මෙරටට

2022 ජනවාරි සිට දෙසැම්බර් 26 දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 701,331ක් - සංචාරක සංවර්ධන අධිකාරිය

by Staff writer 31-12-2022 | 9:00 PM

COLOMBO ( News 1st ) - මෙම වසරේ ජනවාරි මස සිට දෙසැම්බර් 26 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින්  701,331 පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වැඩිම සංචාරකයින්  සංඛ්‍යාවක්  ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ දී වන අතර එම සංඛ්‍යාව 106,500 කි.

2021 වර්ෂයේ සංචාරකයින් 194,495 මෙරටට පැමිණි අතර මෙම වසරේ එය ලක්ෂ 7 ඉක්මවා ගොස් තිබේ.

මෙම වසරේ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 119,546 කි.

රුසියානු සමූහාණ්ඩුවෙන් ද මෙම වසරේ සංචාරකයින් 86,990ක් පැමිණ ඇති බව ද  සංචාරක සංවර්ධන අධිකාරිය පැවසී ය.