අතිවිශේෂ ගැසට් නිවේදනයක්...

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 19-02-2025 | 9:49 PM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ දුර කාලය ආරම්භ වීම පිළිබඳ සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය නික්තු වී තිබේ.

එහි දැක්වෙන්නේ එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බවයි.

252 වැනි අධිකාරය වන මහා නගර සභා ආඥා පනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබයරත්න මහතා විසින් මෙය නියමය කර තිබේ.