කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරියක්...

by Staff writer 04-01-2023 | 3:40 PM

COLOMBO ( News 1st ) - කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම පත් කිරීම සිදු කර තිබේ. 

මාලතී පරසුරාමන් මහත්මිය මෙතෙක් එම තනතුරට පත් වූ එකම ද්‍රවිඩ කෘෂිකාර්මික ක්‍රියාකාරිනිය  බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

 මීට පෙර  ඇය කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි තාක්ෂණ අංශයේ අතිරේක ලේකම්වරිය ලෙස ද කටයුතු කර තිබේ. 

ගන්නෝරුව A9 මෑ ප්‍රභේදය,  HOB – 2 නමැති ප්‍රථම බෝංචි ජානමය පර්යේෂණය හඳුන්වා  දීම, දෙමුහුන් නව මාලු මිරිස් ප්‍රභේදයක් වන 'ප්‍රාර්ථනා'හඳුන්වාදීම යනාදී පර්යේෂණ රැසක් මාලතී පරසුරාමන් මහත්මිය සිදු කර ඇතැයි  ද  කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.