වාහන හැර සෙසු භාණ්ඩ සඳහා,පනවා තිබූ ආනයන සීමා ඉවතට

වාහන හැර සෙසු භාණ්ඩ සඳහා,පනවා තිබූ ආනයන සීමා ඉවතට - අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

by Staff writer 09-10-2023 | 7:44 PM

COLOMBO (News 1st) - වාහන හැර සෙසු ආනයන භාණ්ඩ මත පනවා තිබූ තාවකාලික ආනයන සීමා ඉවත් කළ බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අද (09) සිට එය ක්‍රියාත්මක බවයි.

ඊට අදාල ගැසට් නිවේදනය අද නිකුත් කළ බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ආර්ථිකය තවත් පුළුල් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.