ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු T20 තරගයෙන් ඉන්දියාවට ජය

ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු T20 තරගයෙන් ඉන්දියාවට තියුණු ජයක්..

by Staff writer 24-11-2023 | 7:52 AM

COLOMBO (News 1st) –  ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම  කඩුලු 2කින් ජය ගත්තේ ය.

විශාකාපට්නම්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 208කි.

ස්ටීවන් ස්මිත් ලකුණු 52කි.

ජෝස් ඉංග්ලිස් ලකුණු 110ක් රැස් කළේ ය.

ලකුණු 209ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 8ක් දැවී සිටියදී ය.

ඉෂන් කිෂන් ලකුණු 58ක් රැස් කළේ ය.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 80කි.