ලංකාව ආ. කුසලාන කාන්තා ක්‍රි.තරගාවලියේ අවසන් තරගයට

ශ්‍රී ලංකාව 6වැනි වරටත් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට

by Staff writer 27-07-2024 | 7:03 AM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 6වැනි වරටත් ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ ප්‍රබල පාකිස්ථාන කාන්තා කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමින් ය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළේ ය.

141ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පසු කළේ කඩුලු 7ක් දැවී ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක චමරි අතපත්තු ලකුණු 63කි.

ශ්‍රී ලංකා කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන ගිය අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක් රැස් කළේ ය.

පසුගිය වසරේ අනුශූරතාවයෙන් සෑහීමකට පත් වීමට සිදු වු ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරග බිමට පිවිසෙන්නේ තම පළමු ආසියානු කුසලාන ජායග්‍රහණය අපේක්ෂාවෙන් ය.

පසුගිය වසරේ මෙන්ම ඉන්දීය කණ්ඩායම මෙවරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදියා විය.