කැබිනට් සංශෝධනයක්...

කැබිනට් සංශෝධනයක්...

by Staff writer 27-11-2023 | 10:59 PM

COLOMBO (News 1st) - රොෂාන් රණසිංහ මහතා ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ අමාත්‍යධුර සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා පවිත්‍රා වන්නිආරච් මහත්මිය පත් කර තිබේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කළ හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (27) පස්වරුවේ දිව්රුම් දුන්නේ ය.

රොෂාන් රණසිංහ මහතා මෙතෙක් දැරූ වාරිමාර්ග අමාත්‍යධුරයේ  දිව්රුම් දුන්නේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියයි.