දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථාතත්ත්වයට

සයිබර් ප්‍රහාරයකට ලක්වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යථා තත්ත්වයට...

by Staff writer 15-06-2026 | 1:40 PM

COLOMBO (News 1st) - සයිබර් ප්‍රහාරයක් එල්ල වීමෙන් අක්‍රිය වී තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි පළකර තිබූ කාලසටහන් තවදුරටත් අක්‍රිය තත්ත්වයක පවතින බවයි.

මෙතෙක් කිසිදු කාලසටහනක් සංශෝධනය කර නොමැති බව ද, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

දුම්රිය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට ඊයේ (14) රාත්‍රීයේ සයිබර් ප්‍රහාරයක් එල්ල විය.