තරුණයෙක් පුදුම කළ අරුම පුදුම ඇණවුම..

Online ඕඩර් කළේ MilkShake එකක්.. හැබැයි ගෙදරට ආවේ මූත්‍රා කප් එකක්..

by Chathurika Jayasundara 04-11-2023 | 1:36 PM

COLOMBO (News 1st) –  Online හරහා ඇනවුම් කළ මිල්ක්ශේක් එකක් වෙනුවට මුත්‍රා කොප්පයක් ඔබට ලැබුණොත්, ඔබ කොතරම් අපහසුතාවකට පත් වේවිද?

මෙවැනි අදහාගත නොහැකි පුවත් අපට අමෙරිකාවෙන් වාර්තා වුණා.  

ආහාර නිවසටම ගෙන්වා ගැනීමේ ඇප් එකකින් පුද්ගලයෙකු තවත් ආහාර කිහිපයක් සමග මිල්ක්ශේක් එකක් ද ඇණවුම් කර තිබෙනවා.
 
ඇණවුම ලැබුණු පසු ඔහු මිල්ක්ෂේක් කෝප්පය පානය කර ඇති අතර, නමුත් එහි තිබෙන්නේ මුත්‍රා බවට අදාළ පාරිභෝගිකයාට අවබෝධ වී තිබෙනවා.

පසුව ඔහු සිය ඇණවුම නිවසට ගෙන ආ රියැදුරුව නැවත කැඳවා ඔහුට මේ බව පවසා බැණ වැදී තිබෙන අතර , සමාව ඉල්ලමින් රියැදුරා පවසා ඇත්තේ එය තමාගේ අතපසුවීමක් බවයි. 

පැය ගණනක් රැකියාවේ නිරත වන බැවින් ඇතැම් අවස්ථාවල ඔහු මුත්‍රා කෝප්පයකට දමන බවත්, අතපසුවීමකින් මුත්‍රා බෝතලය හා මිල්ක්ශේක් එක සමග මාරු වී ඇති බවත් රියැදුරු පවසා තිබෙනවා 

කෙසේ නමුත් අදාළ රියැදුරා සේවය සැපයූ  සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, සේවකයා සමග ඇති ගිවිසුම ද අවසන් කර ඇති බවයි.

ඒ වගේම එම පුද්ගලයාගේ ඇණවුමේ මුදල් යළි ඔහු වෙත ගෙවීමටද අදාළ රියැදුරු කටයුතු කර තිබෙනවා..