.webp)
COLOMBO (News 1st) -ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ එකතුවක් වන පැරිස් සමාජය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ මූල්‍ය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අද (08) පස්වරුවේ නිවේදනය කළේ ය.
ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණයෙන් 34% ලබාදී ඇත්තේ ජපානය ඇතුළු පැරිස් සමාජයේ සාමාජිකත්වය දරණ රටවල් මගිනි.
කෙසේ වෙතත් විශාලතම ද්වීපාර්ශ්වික ණය ප්‍රමාණය ලබාදී ඇති චීනය හා ඉන්දියාව පැරිස් සමාජයට ඇතුළත් වී නොමැත.