වාහන 11 ක් එකිනෙක ගැටුණු දක්ෂිණ අධිවේගයේ රිය අනතුර

වාහන 11 ක් එකිනෙක ගැටුණු දක්ෂිණ අධිවේගයේ රිය අනතුර...

by Staff writer 21-09-2026 | 9:14 AM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම 19 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ වාහන 11ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ අතර පාසල් සිසුන් 6 දෙනෙකු ද වන බවයි.

අධිවේගී මාර්ගයේ නතර වී තිබූ කැබ් රථයක, පිටුපසින් පැමිණි පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථයක් සහ තවත් වාහන පෙළක් ගැටීමෙන් අනතුර සිදුව තිබුණා.

තුවාලකරුවන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතීරුවේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබිණි.

මේ වන විට එම මංතීරුව විවෘත කර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අනතුර සිදුවන අවස්ථාවේ එම වාහනවල ගමන් ගත් පිරිස ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් බරපතල අනතුරක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේය.