.webp)
COLOMBO (News 1st) – මෙරට රත්රං මිල ගණන් නැවත වතාවක් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
අද (30) පෙරවරුවේ කොළඹ, හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 163,800 ක් දක්වා ඉහළ ගිය අතර ඊයේ (29)එය දැක්වුණේ රු. 161,000ක් ලෙසයි.
මේ අතර ඊයේ (29) රු. 175,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද (30) වනවිට රු. 178,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ, හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.