.webp)
වර්ෂාව හේතුවෙන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය අද දක්වා කල් තැබුණි.
අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, චෙන්නායි සුපර් කින්ග්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.
පසුගිය වසරේ ශූරයින් බවට පත් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ අඛණ්ඩව දෙවැනි වතාවටත් ශූරයින් බවට පත්වීමේ අපේක්ෂාවෙන් ය.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අවස්ථා හතරකදී ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ශූරතාව දිනාගෙන තිබේ.
අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.