.webp)
නමුත් එරට බලධාරීන් තීරණය කර ඇත්තේ, නැවතත් මුතු රාජා එරටට රැගෙන යාමටයි.
ඒ ඔත්පලව සිටින හස්තියාට ප්‍රමාණවත් සැලකිල්ලක් නොදැක්වීම වගේම ප්‍රතිකාර නොලැබීම වැනි කරුණු මුල් කරගෙන.
අලුත්ගම කන්දෙ විහාරය භාරයේ සිටි මුතු රාජ රෝගාතුරව පසුවීම ගැන මෙරට තායිලන්ත තානාපති කාර්යලයේ දැඩි අවධානය යොමු කර තිබු බව එරට මාධ්‍ය පවසනවා.
පසුගිය වසරේ අගෝස්තු මස සිදුකළ සොයා බැලිමක දී හසතියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බවත් සත්වයාට වාසය කිරීමට සුදුසු වටපිටාවක් නොමැති බවත් හෙලිව තිබුණා.
ඒ අනුව තායිලාන්ත වෛද්‍යවරුන් මෙන්ම නිලධාරීන් පැමිණ හස්තියාගේ තත්ත්වය නිරීක්ෂණය කළා.
ඔවුන් එහිදී තීරණයකට එළඹුනා
ඒ හස්තියා පෙරහර රාජකාරීවලින් ඉවත් කර වහාම ප්‍රතිකාර වෙත යොමු කරන්න
ඒ අනුව හස්තියා ප්‍රතිකාර සඳහා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ගියා
ඒ වගේම නැවත තායිලන්තය බලා රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට ද නිර්දේශ කළ බව විදෙස් වාර්තාවල සඳහන් වනවා.
පසුගිය දා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කලා
එහි දක්වා තිබෙන්නේ මුතු රාජා නැවත තායිලන්තයට රැගෙන යාමට කටයුතු කරන බවයි.
ඊට අදාල කටයුතු සිදුකරමින් සිටින බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
ගුවන් මගින් හස්තියා රැගෙන යාමට සැලසුම් කර ඇති බවත් ඊට අවශ්‍ය කූඩුවක් වගේම අවශ්‍ය පහසුකම් සැපයීම සැලසුම් කරමින් සිටන බව එරට මාධ්‍ය ද වාර්තා කරනවා.
සක් සුරින් එහෙමත් නැත්නම් මුතු රාජා වසර 22 කට පසුව නොබො දිනකින් නැවත උපන් රටට යනු ඇතියි.