.webp)
COLOMBO (News 1st) – අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ද වේ.
පසුගිය ජනවාරි 10 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය නාරාහේන්පිට ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් අදාළ සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිම් කරන අතරතුර ඇතිවු සිද්ධියකින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමේදී ඔහු මිය ගොස් තිබිණ.
එලෙස මිය ගොස් තිබුණේ, නාරාහේන්පිට වෘත්තිය පුහුණු අධිකාරියේ සහාකාර කළමනාකරුවෙකු වූ 41 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.