.webp)
-612294.jpg)
ඒ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන්.
හිටපු රාජ්‍ය නැකත් කමිටුව මීට මෙර සිටි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් විසුරුවා හැර තිබුණි.
ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කළේ, පොහොය කමිටුවේ සාමාජිකයින් වන සාම්ප්‍රදායික පංචාංග ලිත් කතුවරුන් මගින් අලුත් අවුරුදු නැකත් සීට්ටුව සම්පාදනය කිරීමටයි.
එහෙත් අවුරුදු නැකත් සම්පාදනය සඳහා කණ්ඩායම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් අවස්ථා 4කදී පොදු එකඟතාවයකට එළඹිමට හැකි වී නැහැ.
ඒ හේතුවෙන් මේ වනතුරුත් අලුත් අවුරුදු නැකත් පිළිබඳ එකඟතාවක් ඇතිකර ගෙන නොමැති බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
