අස්වනු නෙලීම, සීසෑමට QR රහිතව ඉන්ධන

අස්වනු නෙලීම සහ සීසෑමේ කටයුතු සඳහා QR ක්‍රමවේදයෙන් තොරව ඉන්ධන.

by Staff writer 16-03-2026 | 3:40 PM

COLOMBO(News1st) - කෘෂිකාර්මික කටයුතු සඳහා ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට තීරණය කර ඇතැයි  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පැවසුවේ, ඒ අනුව අස්වනු නෙලීම සඳහා අක්කරයකට ලීටර් 15ක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20ක් ලබා දෙන බව ඔහු සඳහන් කළේ ය.

මෙම ඉන්ධන ලබාගැනීම සඳහා QR ක්‍රමවේදය අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේ ය.