.webp)

කම්කරු අමාත්‍යාංශය පැවසුවේ, නවීන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හි දී ඉදිරිපත් වූ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සඳහා වූ දළ පනත් කෙටුම්පත සකස් කළ බවයි.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් මෙම දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරනු ඇති.
එය කැබිනට් මණ්ඩලයට ද ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට නියමිතයි.
