අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද

සාමාන්‍ය පෙළ විභාගය අද ඇරඹෙයි: ලක්ෂ 4කට අධික අපේක්ෂකයින්ට විභාග කොමසාරිස්ගෙන් විශේෂ දැනුම් දීමක්..

by Staff writer 17-02-2026 | 10:19 AM

COLOMBO(News1st) - 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වේ.

විභාගය ලබන 26 වැනිදා දක්වා පැවැත්වේ. 
 

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 3545කදී පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 451,463 ක්. 

ඉන්, 382,249ක් පාසල් අයදුම්කරුවන්. 


විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ දැනුම් දුන්නේ, විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් පැයකට පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි.