අකුරේගොඩ ඝාතනයට අත්අඩංගුවට ගත් අයට රැඳවුම් නියෝග.

අකුරේගොඩ ද්විත්ව ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට පැය 48ක රැඳවුම් නියෝග.

by Staff writer 17-02-2026 | 10:28 AM

COLOMBO(News1st) - අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකුට රැඳවුම් නියෝග.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට ආධාර අනුබල දීම මත අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් පැය 48ක රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන පොලීසිය පවසයි. 
පොලීසිය පැවසුවේ, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 22 හා 27 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 
 

තලංගම, අකුරේගොඩදී වෙඩි තබා නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කෙරුණේ පසුගිය සිකුරාදා පස්වරුවේයි. 

කරන්දෙණිය සුද්දා නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් වෙඩි තැබීම සිදුකරවන්නට ඇතැයි, පොලීසිය පවසයි. 
 

ඝාතනයට ලක් වූ නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳගේ දේහ පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු විය. 

ඒ පිටිගල ගොඩාමුණ පිහිටි සුසාන භූමියේදී..