.webp)
ඒ, 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් මහා තරගය කඩුලු 10කින් ජය ගනිමින් ය.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් ජනිත් පෙරේරා.
ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 12කදී ය.
කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක සහ නායක දසුන් ශානක කිසිදු ලකුණක් රැස් කිරිමට පෙර ක්‍රීඩාගාරයට යැවීමට මොහොමඩ් සිරාජ් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නන් සමත් විය.
කුසල් මෙන්ඩිස් ලකුණු 17ක් රැස් කළ අතර, දුෂාන් හේමන්ත නොදැවී ලකුණු 13කි.
මොහොම්ඩ් සිරාජ් සිය එක් දින දිවියේ හොඳම පන්දු යැවීමද සමගින් ලකුණු 21ට කඩුලු 6ක් දවා ගත්තේ ය.
හර්ඩ්ක් පාන්ඩ්‍යා ලකුණු 3ට කඩුලු 3කි.
පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේදී ශ්‍රී ලංකාවේ සියලු දෙනා ලකුණු 50කට දැවී ගියේ ය.
ලකුණු 51ක පහසු ඉලක්කයකින් ඉන්දීය ඉනිම ආරම්භ කළේ ඉෂන් කිෂන් සහ ශුබ්මන් ගිල් ය.
ඔවුන් දෙදෙනා පන්දුවාර 6යි එක් පන්දුවක් අවසානයේදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
ඉෂන් කිෂන් නොදැවී ලකුණු 23කි.
ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 27ක් රැස් කළේ ය..