ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි.

ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි.

by Staff writer 31-08-2026 | 10:44 PM

COLOMBO(News1st) - ආජන්ටිනා පාපන්දු නායක ලියනොල් මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙන බව අද(31) නිල වශයෙන් නිවේදනය කළේය.

ඒ සමාජ මාධ්‍ය වෙත සටහනක් තබමින්.

මේ වන විට මෙම සුපිරි පාපන්දු ක්‍රීඩකයාගේ වයස අවුරුදු 39ක්.

මෙසී තරග 207කදී ගෝල 125ක් රැස් කර ගෙන තිබේ.

එය වාර්තා අතරට එක්වන්නේ ආජන්ටිනාව වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා මෙන්ම වැඩිම තරග සංඛ්‍යාවකට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා ලෙසයි.

2022 වසරේ කටාර් හි පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ආජන්ටිනාව ජයග්‍රහණය සදහා කැදවාගෙන ගිය නායකයා වන්නේ ලියනොල් මෙසී.

වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි වන බැලැන්ඩෝ සම්මාන 8ක් ඔහු හිමි කර ගෙන තිබෙනවා.

මෙසී, 2014 සහ 2022 වසරවල ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් රන් පන්දුව හෙවත් ගෝල්ඩන් බෝල් සම්මානය ද දිනා ගත්තේය.