.webp)
එරට මාධ්‍ය පැවසුවේ, අද (28) දිනයේදී ඕස්ට්‍රේලියාවේ ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විනිසුරු සාරා හගට්, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කළ කළේ ය.
2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතරතුරේදී කාන්තාවක් අපයෝජනය කළැයි සැකපිට ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනුණි.
නඩුව නිව් සවුත්වේල්ස්හි ඩවුනිං සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා 4න් 3ක් ඉවත් කෙරුණි.
අදාළ නඩු විභාගය පසුගිය 21 වැනි දා අවසන් වුණේ, මේ මස 28 වැනි දා එහි තීන්දුව ප්‍රකාශයට පත් කරන බව පවසමින් ය.