ශ්‍රී ලංකාවේ පළමු පුහුණු තරගය අද බංග්ලාදේශය සමග

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු පුහුණු තරගය අද බංග්ලාදේශය සමග: තරගයේ සජීව උණුසුම TV1 නාලිකාවෙන්

by Staff writer 29-09-2023 | 12:45 PM

COLOMBO (News 1st) – 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද (29)පැවැත්වෙයි. 

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

ඉන්දියාවේ, ගුවහටිහිදී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 2.00ට ආරම්භ වෙයි. 

මෙම තරගය TV1 නාලිකාව ඔස්සේ සජීව ලෙස ඔබට නැරඹිය හැකියි.