ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් සටනෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් !

by Staff writer 05-02-2024 | 11:13 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේදී සහභාගී වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට අද (05) සමත් විය.

ඒ ඇෆ්ගනිස්ථානය පරදවමිනි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු ටෙස්ට් තරගය වූ මෙය කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විය.

ඇෆ්ගනිස්ථානය රැස් කළ ලකුණු 198ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 439ක්.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 77ක් රැස් කළ අතර, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141යි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් රැස් කළේ ය.

ඇෆ්ගනිස්ථාන දෙවැනි ඉනිම වෙනුවෙන් ඊබ්‍රහිම් සද්රාන් ලකුණු 114යි.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේ ය.

ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් ලකුණු 296කට දැවී ගිය අතර, ඒ අනුව ජයග්‍රහනය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 56ක්.

පන්දුවාර 7යි පන්දු 2කදී කිසිවෙක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසුකල ශ්‍රී ලංකාවත තරගය පහසුවෙන් ජය ගත්තේ ය. 

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32ක් රැස් කළ අතර, 
නිෂාන් මදුෂ්ක නොදැවී ලකුණු 22යි.

තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරිය. 

ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට පත්වීමෙන් පසු ධනංජය ද සිල්වා සහභාගී වූ පළමු තරගය මෙය වීම විශේෂත්වයකි.