රාජකාරී වෙලාවෙන් පස්සේ බොස්ගෙන් කෝල් එනවද?

රාජකාරී වෙලාවෙන් පස්සේ බොස්ගෙන් කෝල් එනවද?

by Chathurika Jayasundara 10-02-2024 | 2:18 PM

COLOMBO (News 1st) – ඔබේ රාජකාරී වෙලාව ඉවර වුණාට පස්සේ, එහෙම නැත්නම් නිදහසේ ගෙදර ඉද්දී ආයතන ප්‍රධානින්ගෙන් අසාධාරණ විදියට දුරකතන ඇමතුම් හෝ කෙටි පණිවුඩ එනවද? 

එහෙම ඇමතුම්, කෙටි පණිවුඩ එනවා නම් ඒවා නොසලකා හැරීමේ අයිතියකුත් තියෙනවා කියලා ඔයා දැන සිටියාද ?

මේ කතාව අපිට වාර්තා වෙන්නේ ඔස්ට්‍රේලියාවෙන්..

ඔස්ට්‍රේලියාව තමන්ගේ රැකියා ක්ෂේත්‍රයට අදාළ නීති කිහිපයක් සංශෝධනය කිරීමට සැලසුම් කරලා තියෙනවා. 

ඒ අතරට, මේ "right to disconnect" කියන නව නීතිය හඳුන්වාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

තමන්ගේ වැඩ මුරය ඉවර වුණාට පස්සේ බොස්ගෙන් මැනේජර්ගෙන් එන අසාධාරණ දුරකතන ඇමතුම් සහ කෙටි පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය මේ යටතේ තහවුරු වෙනවා.

එම නීතිය උල්ලංඝණය කරන හාම්පුතුන්ට එරෙහිව දඩ නියම කිරීමට ද ප්‍රතිපාදන පවතින බවටත් වාර්තා වෙනවා.

නව නීතිය මගින් හාම්පුතුන්ට සේවකයින්ගේ පුද්ගලික කාලයට අසාධාරණ ලෙස ඇතුල් වීම වැළැක්වෙන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 මෙම නීතිය යුරෝපානු රටවල් වන ප්‍රංශය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඉතාලිය, අයර්ලන්තය හා පෘතුගාලයේ ක්‍රියාත්මක වනවා.