ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින සටන අද..

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන දෙවන එක්දින සටන අද..

by Staff writer 11-02-2024 | 7:46 AM

COLOMBO (News 1st) - සත්කාරක ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ.

ඒ , පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

පළමු තරගය ලකුණු 42කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට තරග 1 ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසුවේ.

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග සංඛ්‍යාව 13ක්.

ඉන් තරග 8ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර, ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 4ක් පමණයි.

එක් තරගයක් තීරණයකින් තොරව අවසන් විය.

දෙරට අතර අද තරගය පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි.