ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකාT20 සංචිතය නම් කෙරේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකාT20 සංචිතය නම් කෙරේ..

by Staff writer 12-02-2024 | 10:22 PM

 COLOMBO (News 1st) - සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කර තිබේ.

දෙරට අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 17 වැනිදා පැවැත්වෙයි.

එම තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළ අතර, නායකයා ලෙස කටයුතු කරන්නේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගයි.

උප නායකයා ලෙස චරිත් අසංක පත් කර තිබේ.

පැතුම් නිස්සංක , කුසල් මෙන්ඩ්ස් , දන්නංජය ද සිල්වා , මහේෂ් තීක්ෂණ , දිල්ෂාන් මධුශංක , අකිල දනංජය සහ සදීර සමරවික්‍රම මෙම සංචියට ඇතුළත් ය.

මේ අතර එක්දින තරගාවලියට නම් නොකළ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද විස්සයි විස්ස තරගාවලිය සඳහා කැදවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව වමත් ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ නමද මෙම සංචිතයට ඇතුළත් ය.

මීට අමතරව තුන් ඉරියව් ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් , දසුන් ශානක සහ කමිදු මෙන්ඩ්ස් සංචිතය සඳහා නම් කර  තිබේ.

වේග පන්දු යවන්නන් වන බිනුර ප්‍රනාන්දු , මතීෂ පතිරණ , නුවන් තුෂාර ද සංචිතයට ඇතුළත් ය.