තැපැල් පතක් නිසා, සැමියා මරන්න ගිය බිරිඳක්..

වසර 60කට පෙර සිටි පෙම්වතියගෙන් ලැබුණු තැපැල් පතක් නිසා, සැමියා මරන්න ගිය බිරිඳක්..

by Chathurika Jayasundara 13-02-2024 | 2:11 PM

COLOMBO (News 1st) - වසර 60කට පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවකගෙන් තම සැමියාට තැපැල් පතක් ලැබීම හේතුවෙන් සැමියා
ඝාතනය කිරීමට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා  

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බර්තා යාල්ටර් නම් 71 හැවිරිදි කාන්තාවකට මෙලෙස ඝාතන චෝදනා එල්ල වී ඇති බවයි. 
 
තම බිරිඳ තමා මරා දැමීමට උත්සාහ කරන බව පවසා පොලිසියට ලැබුණු ඇමතුමකින් පසුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන
තිබෙනවා  

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 1960දී පමණ අදාළ පුද්ගලයා පෙම් සබඳතාවක් පැවැත්වූ කාන්තාවකගෙන් තැපැල් පතක් ලැබීමෙන් පසු ඇය සිය සැමියාට කෝපයෙන් පහර දුන් බවට වාර්තා වී ඇති බවයි. 

කොට්ටයකින් ස්වාමිපුරුෂයාගේ හුස්ම සිර කර ඔහු මරා දැමීමට ද කාන්තාව උත්සාහ දරා තිබෙනවා  

බර්තා මහත්මිය සහ ඇගේ සැමියා විවාහ වී මේ වනවිට වසර 52 කට ආසන්න කාලයක්ද ගත වී තිබෙනවා 
  
ඇය මේ වනවිට තම සැමියාට කෝපයෙන් පහර දුන් බවට චෝදනා ලබා ඇති අතර, මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධවද චෝදනා ලබා සිටිනවා 

කෙසේනමුත් බර්තා යාල්ටර්ගේ ස්වාමිපුරුෂයා මේ වනවිට සුවය ලබමින් සිටිනවා