ජයග්‍රහණයකින් ඇරඹූ 20 යි 20 සටන

ජයග්‍රහණයකින් ඇරඹූ 20 යි 20 සටන

by Staff writer 17-02-2024 | 10:39 PM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථානය සමග පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

විසි දහසකට ආසන්න ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් අද (17) තරගය ආරම්භ වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථාන නායක, ඊබ්‍රහීම් සද්රාන් පළමුව පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 6කට පිටියෙන් ඉවත් විය.

කුසල් මෙන්ඩිස්ට රැස් කිරීමට හැකිවූයේ, ලකුණු 10ක් පමණයි.

ධනංජය ද සිල්වා ලකුණු 24ක් රැස් කළේ ය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග ලකුණු 67ක් රැස් කළේ, පිටිය සිසාර එල්ල කළ හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක්ද සමගිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකිවූයේ, ලකුණු 156ක් පමණයි.

ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණයේ අභියසටම රැගෙන ඊබ්‍රහීම් සද්රාන් පිත්තෙන් සිය වගකීම ඉටුකළේ නොදැවී ලකුණු 67 ලබා ගනිමින්.

මතීෂ පතිරණ කඩුළු 4ක් බිද හෙළුවේ ය.