මහ සිකුරාදා අදයි...

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය සිහි කෙරෙන මහ සිකුරාදා අදයි....දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 29-03-2024 | 6:58 AM

COLOMBO (News 1st) -  ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද(29)ට යෙදී තිබේ.  

එම සිදුවීම සිහිකරමින් විවිධ වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් අද කටයුතු කරන අතර, ඊට සමගාමීව කතෝලික දේවස්ථාන වල පැය තුනක දේව මෙහෙයක්ද පැවැත්වෙයි.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.

උන්වහන්සේගේ උට්ඨානය හෙවත් මළවුන් පරදා නැගීටීම සිහි කරමින් මහ සිකුරාදාට පසුව යෙදෙන ඉරු දින කිතුනු බැතිමතුන් පාස්කු ඉරිදා ලෙස උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. 

මෙවර පාස්කු ඉරිදා යෙදි ඇත්තේ  ලබන 31 වැනිදායි. 

මේ අතර, අදින් ආරම්භ වන පාස්කු සතිය තුළ දේවස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.