පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

by Staff writer 31-03-2024 | 7:54 AM

COLOMBO (News 1st) - සත්කාරක බංග්ලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් අද (31) චිතගොන්හිදී පැවැත්වේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (30) දිනට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 314 ක්.

කුසල් මෙන්ඩිස් ලකුණු 93 යි.

දිමුත් කරුණාරත්න ලකුණු 86 ක් රැස් කළේ ය‍.

නායක ධනංජය ද සිල්වා සමගින් දිනේෂ් චන්දිමාල් නොදැවී කඩුල්ලේ රැදී සිටී.