.webp)
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 531කි.
එම ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වුණේ කිසිඳු පිතිකරුවකු ශතකයක් වාර්තා නොකර කණ්ඩායමක් විසින් ටෙස්ට් ඉනිමක රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දිනය සදහා තරගය නතර කරන විට පන්දුවාර 15ක් තුළ කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියේ ය.
සකීර් හසන් සහ තයිජුල් ඉස්ලාම් නොදැවී කඩුල්ලේ රැදී සිටී.