මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, තෙදින වැඩමුළුවක් සඳහා ඔවුන් කොළඹට කැඳ වූ බවයි.
එළැඹෙන මැතිවරණයේදී මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම එහි අරමුණ බව ඔහු ප්‍රකාශ කළේ ය.
මේ සඳහා මැතිවරණ වියදම් නියාමනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයෙකුගේ ද සහය ලබා ගන්නා බව ද සඳහන්වේ.
මේ අතර ලබන ජුලි මස අග හෝ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා පැවසීය.
එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, සැප්තැම්බර් 17 - ඔක්තෝබර් 17 ත් කාලය තුළ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවයි.