දුම්රියක් වේදිකාවේ හප්පපු රියැදුරුට වැඩ වරදී..

දුම්රියක් වේදිකාවේ හප්පපු රියැදුරුට වැඩ වරදී..

by Staff writer 16-04-2024 | 9:10 AM

COLOMBO (News 1st) - කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, අනතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් ඊයේ (15) පස්වරුවේ එලෙස වේදිකාවේ ගැටී තිබුණි. 

ඉන් දුම්රිය වේදිකාවට දැඩි හානි සිදු වූ අතර මගීන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ  නැත.

අදාළ දුම්රිය වෙනුවට වෙනත් දුම්රියක් ධාවනයට පසුව පියවර ගෙන තිබේ.