රත්මලානේ පුද්ගල ඝාතනයක්

රත්මලානේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ...

by Staff writer 16-04-2024 | 4:26 PM

COLOMBO (News 1st) - රත්මලාන, බොරුපන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සිදු කර පලා ගොස් ඇති බවයි. 

මරණකරු සිය නිවසේ නිදන කාමරයේ නිදා සිටින අවස්ථාවේ අද (16) අලුයම පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදුකර පලා ගොස් තිබේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්. 

පලා ගිය සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.